Home දේශීය පුවත් හරීන්ගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

හරීන්ගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

0
හරීන්ගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙයට සුළු මොහොතකට පෙර පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්ණ කිරීම් මේ වන විට ආරම්භ වී තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර ඒ ගැන සිය පියා දැන සිටි බවත් ප්‍රහාරයක් එල්ලවන බැවින් ඔහු තමාට පල්ලි නොයන්නැයි දැනුම් දුන් බවටත් හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරයට පසු දිනක මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව මෙම ප්‍රශ්න කිරීම සිදුවේ.

ඒ සම්බන්ධයෙන් මෙයට පෙර අවස්ථාවකදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් සහ ඔහුගේ සහෝදරියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගත්තේය. අනතුරුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේත් ඇගේ සහෝදරියගේත් දුරකතන විශ්ලේෂණ වාර්තාවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබුණි. ඒ අනුව අද දින සිදුවන්නේ එම විමර්ශන වලින් පැන නගින ගැටළු සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here