
මෙරට කොවිඩ්-19 මර්දන වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අගෝස්තු මස 4-8 දිනයන්හිදී මෙරටට ලැබීමට නියමිතව තිබේ.
මෙරට චීන තානාපති කාර්යාලය පැවසුුවේ ඒ අනුව එක් වරකදී මෙරටට ලැබෙන විශාලතම කොවිඩ් එන්නත් තොගය එය වනු ඇති බවයි.
මේ වනවිටත් එම තොගය එවීම සඳහා සූදානම් කෙරෙමින් පවතින බව චීන තානාපති කාර්යාලය පවසයි.