
මිරිස් ආනයනය ද ඉදිරි වසර තුන තුළ නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, පරිභෝජනයට අවශ්‍ය මිරිස් රට තුළ නිෂ්පාදනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක බව ඔහු පෙන්වා දුනි.
“අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 2000ක් තෝරා ගෙන පවුල් 1000ක අපි මිරිස් වගා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වෙනකොට සියයට 100ක් මිරිස් ආනයනය කරනවා ලංකාවට.
ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ඉදිරි වසර තුන තුළ මේ මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නවත්වන්න. ඒ නිසා දිස්ත්‍රික්ක 7ක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් එකක් අනුරාධපුර. අපි පවුල් 1000ක් හඳුනාගෙන අක්කර භාගේ බැගින් මිරිස් වගා කරනවා.
මේ ගොවියෙකුට ලක්ෂ 3 හමාර බැගින් අපි ආධාර ලබාදෙනවා. මේ එක් ගොවියෙක් මාසයකට රු 150,000ක ආදායමක් ලබනවා.”