තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවි ආචාර්යවරුත් ඔන්ලයින් ඉගැන්වීම් නවතයි - හෙට සිට උද්ඝෝෂණයේ

    සරසවි ආචාර්යවරුත් ඔන්ලයින් ඉගැන්වීම් නවතයි – හෙට සිට උද්ඝෝෂණයේ

    අංජනා මල්ලවාරච්චි

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය දැක්වීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (28) online ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර සිටිති.

    ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් රටේ සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරු දැනට සිදුකරන ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී ඒ ඒ විශ්වවිද්‍යාලය ඉදිරිපිට දිනපතාම පාහේ විරෝධතා පැවැත්වීමට තීරණයක් ගත් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය රොහාන් ආසිරි මහතා පැවසීය.

    සියලුම විශ්ව විද්‍යාලවල විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව එම විරෝධතා පවත්වන බවද ආචාර්ය ලක්සිරි මහතා කීය.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත මගින් අධ්‍යාපනය මිලිටරීකරණය කරන හෙයින් එය අකුලා ගන්නා තුරු සිසුන්ට online ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු සහ අනෙකුත් රාජකාරිවලින් ඉවත් වන බව ද රොහාන් ලක්සිරි මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img