තවත්
    මුල් පිටුවදේශීය පුවත්මෙහෙකාර සේවයේ ළමුන් යෙදවීම ගැන සොයන්න අද සිට පොලිස් මෙහෙයුම්

    මෙහෙකාර සේවයේ ළමුන් යෙදවීම ගැන සොයන්න අද සිට පොලිස් මෙහෙයුම්

    වයස අවුරුදු 16ට අඩු ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට බස්නාහිර පළාතේ නිවාස, වෙළද සැල් සහ ව්‍යාපාරික ස්ථාන අද සිට පරීක්ෂා කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

    හිටපු ඇමතිවරයෙක් වන රිෂාඩ් බදියුදීන් යන අයගේ නිවසේ සිටි මෙහෙකාරියක් මිය යාම සහ ඒ සම්බන්ධයෙන් කරෙුණු විමර්ශනයන්වලදී හෙළිවූ කාරණා පදනම් කර ගනිමින් මෙම මෙහෙයුම දියත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    ළමයා යන්න ජාත්‍යන්තර ළමා ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 දක්වා වයස් කාණ්ඩයට අයත් අය වූවත් අපේ රටේ වයස අවුරුදු 16 වැඩි තැනැත්තන් මෙහෙකාර සේවයේ යෙදවීමට නීතිමය අවකාශ ඇති බවද ඔහු පැවැසීය. එහෙත් මෙහෙකාර සේවයේ යෙදවීමේදී දරුවන් ඒ අය කෘෘරත්වයට පත්කිරීම නීතිය ඉදිරියේ වරදක් බවත් මෙම මෙහෙයුමේදී 16 වැඩි එහෙත් 18 ට අඩු මෙහෙකාර සේවයේ නිරතව සිටින දරුවන් කෘෘරත්වයට පත්වීම් සම්බන්ධයෙන්ද විශේෂයෙන් සොයා බලන බවද අජිත් රෝහණ මහතා පැවැසීය.

    දරුවන් කෘෘරත්වයට භාජනය කර තිබේ නම් සහ නියමිත වයස සම්පූර්ණවීමට පෙර යම් ආකාරයකට මෙහෙකාර සේවයට යොදාගෙන ඇත්නම් එය රටේ අපරාධ නීතිය යටතේ වරදක් බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img