තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිගටම ඔන්ලයින් පන්තිවල ඉන්න දරුවන්ට අක්ෂි ආබාධ අවදානමක්

    දිගටම ඔන්ලයින් පන්තිවල ඉන්න දරුවන්ට අක්ෂි ආබාධ අවදානමක්

    අංජනා මල්ලවාරච්චි

    දරුවන් දිගින් දිගටම ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වීම නිසා ඔවුන්ට අක්ෂි ආබාධ ඇතිවීමේ අවදානමක් තිබෙන බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය කීවාය.

    ඔන්ලයින් පන්ති අතරතුර දරුවන් ඇස් පිල්ලම් ගැසීමට උනන්දුවක් දැක්විය යුතු අතර විටින් විට දිනක් දිශාවන්ට යොමු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

    එක දිගට ලැප්ටොප් පරිගණක තිරයක් හෝ ජංගම දුරකථන තිරයක් දෙස බලා සිටීම නිසා ඇස් පිල්ලන් ගැසීම නතර වන අතර එමගින් ඇස්වල ඉදිමුම් ස්වභාවයක් හට ගන්නා බව ද වෛද්‍යවරිය කීවාය.

    එම නිසා ඔන්ලයින් පන්ති අතරතුර පැය භාගයකට වරක් වත් දරුවන්ට කෙටි විවේකයක් ලබා දීම ගුරුවරුන් පියවර ගත යුතු අතර එම කෙටි විවේකයේදී දරුවන් ඇස් නිදහස් කර ගැනීම, වෙනත් දිශානතීන්ට ඇස් යොමු කිරීම කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

    ඔන්ලයින් පන්ති අතරතුර ලැබෙන කෙටි විවේකයේ දී අසල අය සමඟ කතාබස් කිරීම කළ යුතු අතර දිගටම ජංගම දුරකථන තිරය දෙස බලා සිටීම ඉතා නරක දෙයක් බවද වෛද්‍යවරිය කීවාය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img