තවත්
    මුල් පිටුවදේශීය පුවත්තංගල්ල සභාවේ බලය පොහොට්ටුවට

    තංගල්ල සභාවේ බලය පොහොට්ටුවට

    එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබුණු තංගල්ල නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට අද හිමිවිය.

    තංගල්ල නගර සභාවේ සභාපති ධූරය මෙතෙක් දරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ආර්. වෙදආරච්චි මහතාය. ඔහු සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රීධූරය එජාපය විසින් අහෝසි කරන ලදී. ඒ අනුව තංගල්ල නගර සභාවේ සභාපති ධුරය පුරප්පාඩු විය.

    අද එම පුරප්පාඩුව පිරවීමට ඡන්ද විමසීමක් සිදුවිය.එහිදී එජාපයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් දෙදෙනෙක් ඉදිරිපත් විය. එහි දී අපේක්ෂකයන් දෙදෙනාම සමාන ඡන්ද ලබා ගෙන ඒම හේතුකොට ගෙන කාසියේ වාසිය උරගා බැලීමට සිදුව තිබේ.

    ඒ අනුව තංගල්ල නගර සභාවේ නව නගර සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩබ්ලිවු.පී.ආරියදාස මහතා තේරි පත්විය.

    මෙම ඡන්ද විමසීම දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතාගේ අධීක්ෂණයෙන් සිදුවිය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img