තවත්
    මුල් පිටුවCOVIDවිස්සයි20 තරගය අස්සේ මාධ්‍ය මැදිරිය වසා දමයි - සේවකයකුට කොවිඩ්

    විස්සයි20 තරගය අස්සේ මාධ්‍ය මැදිරිය වසා දමයි – සේවකයකුට කොවිඩ්

    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද රාත්‍රියේ ආරම්භ වූ ඉන්දියාව සමග පැවැත්වෙන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය අතරතුරදී මාධ්‍ය මෙහෙයුම් මැදිරිය හදිසියේ වසා දැමීමට සිදුවී තිබේ.

    ඒ එහි සේවය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ සේවකයෙකු කොවිඩ්-19 ධනාත්මක බවට හඳුනාගැනීමෙන් පසුුවය.

    කොළඹ ආර්පීසීඑස් හිදී කරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී ඔහු ධනාත්මක බව සොයා ගන්නා ලදී.

    ඒ අද සවස, තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙරය.

    මෙම හදුනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය මෙහෙයුම් සදහා වසා දැමීමට තීරණය කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෙන ලද උපදෙස් අනුව එය ඉන්දියානු සංචාරයේ 2 වන විස්සයි 20 තරගයෙන් පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

    ධනාත්මක බව තහවුරු වූ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයා මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img