තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී අද දුටු මහත්මා ගුණයන්

    මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී අද දුටු මහත්මා ගුණයන්

    ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද රාත්‍රියේ ආරම්භ වූයේ සුපුරුදු පරිදි ජාතික ගීත ගැයීමෙන් උපහාර දක්වමිනි.

    එහිදී ඉන්දීය ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී එය ගයනු දක්නට ලැබීම මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ ඉමහත් සතුටට හේතුවිය.

    මෙය ඉන්දීය මාධ්‍ය සමාජ මාධ්‍යයන් තුළ පවා අද දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවීමක් විය.

    හර්දික්ගේ සොයුරා වන කෘනාල් පාණ්ඩ්‍යා ද අද තරගයට සහභාගි වෙයි.

    මෙහිදී තවත් දුටු විශේ්ෂත්වයක් වූයේ හර්දික් විසින් ශ්‍රී ලංකා පිලේ චාමික කරුණාරත්නට ක්‍රිකට් පිත්තක් පිළිගැන්වීමයි. චාමික ජාත්‍යන්තර විස්සයි20 තරගයට මුහුණදෙන පළමු අවස්ථාව මෙයයි.

    මීට පෙර ද ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සිය සුහදතාව පළකිරීම උදෙසා මේ අයුරින් ක්‍රිකට් පිත්තක් පිළිගන්වනු අප දැක ඇත.

    මේ අතර අද ක්‍රිකට් තරගය ආරම්භ වීමෙන් අනතුරුව, සිරස මාධ්‍ය ජාලය අයත් කැපිටල් සමූහ ව්‍යාපාරයේ සභාපති ආර් රාජමහේන්ද්‍රන් මහතා‍ අභාවප්‍රාප්ත වීමට ශෝකය පළකරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ද පැවැත්විණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img