අංජනා මල්ලවආරච්චි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කිසිදු සහයක් ලබා නොදෙන බව ගුරු සංගම් කියයි.
සෞන්දර්ය විෂයයන් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන සිසුන්ට හෙට සිට පාසල් වලට පැමිණ ගුරුවරුන් මාර්ගයෙන් පුහුණුවීමක් ලබා ගන්නැයි අධ්‍යාපනය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
සිසුන් පුහුණු කිරීමට සෞන්දර්ය විෂය උගන්වන ගුරුවරුන් හෙට සිට පාසල්වලට නොයාමට තීන්දු කර ඇතැයි ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ කියති.
සිසුන් පුහුණු කිරීම සඳහා පාසල්වලට නොයන බව ජනාධිපතිවරයාට සහ අධ්‍යාපනය ලේකමවරයාට දැනුම් දුන් බව ගුරු සංගම් නායකයෝ කියති.
ගුරුවරුන්ගේ online ඔන්ලයින් වර්ජනයට අදට දින 14 ක් ගත වී තිබේ.