අංජනා මල්ලවආරච්චි
වසර දෙකක පමණ කාලයක සිට තිබෙන කොවිඩ් ව්‍යසනය හේතුවෙන් කඩා වැටී ඇති හෝටල් කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය සඳහන් කරයි.
වසර දෙකක් තිස්සේ හෝටල්වල සේවය කළ සේවකයින් රැකියාව අහිමිවීම, මාසික වේතනය අඩක් ලැබීම ආදී ගැටළු රැසක් ඇති වී තිබෙන බවද ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන්ම බිදවැටී ඇතැයිද හෝටල් සේවක මධ්‍යස්ථානය සභාපති නීතිඥ ජානක අධිකාරී මහතා පැවසීය
එම නිසා හොටල් කර්මාන්ත සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ගැටලූවලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් හෙට(26) පස්වරු එකට කොළඹ කොටුව සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිටදී හෝටල් සේවකයින් ගේ සහභාගී සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවද නීතිඥ ජානක අධිකාරි මහතා කීය.