තවත්
    මුල් පිටුවදේශීය පුවත්මෙහෙකාරියට ගිනි ඇවිලුණු රහස් ගොන්නක් සටහන් වී ඇති බදියුදීන්ගේ නිවසේ ඇති අරක්ෂක...

    මෙහෙකාරියට ගිනි ඇවිලුණු රහස් ගොන්නක් සටහන් වී ඇති බදියුදීන්ගේ නිවසේ ඇති අරක්ෂක කැමරා රහස් පොලීසියට

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහකොරියගේ මරණය තවමත් නොවිසිදුණු අභිරහසකි. ඒ ඇගේ මරණය සිය දිවි හානිකර ගැනීමක්ද? ගිනි තබා කළ මනුෂ්‍ය ඝාතනයක්ද වග සමාජයේ දැඩිව කථාබහකට ලක්වෙමින් ඇති බැවිණි. ඒත් එක්කම කාලයක් තිස්සේ ඇය දූෂණයට ලක්ව ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් තහවුරුකර ඇති බැවින් සමාජය තුළ දැඩි සැකයක් ඇතිව තිබෙන්නේ ඇයව දූෂණය කර මරා දැමුවාදැයි කියාය. බදියුදීන්ගේ නිවසේ මෙයට පෙර සේවයේ නිරතව සිටි මෙහෙකාරියකට බිරිදගේ සහෝදරයා විසින් අවස්ථා දෙකකදී දූෂණය කර ඇතැයි කියාද හෙළි වන්නේ මෙහෙකාරියගේ මරණය ගැන කෙරුණු පුළුල් විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසිණි. එසේ නොවන්නට මෙම ස්ත්‍රී දූෂණයද සැගවුණු තවත් එක් ස්ත්‍රී දූෂණයක් බවට පත්වනු ඇත.

    කෙසේ වෙතත් හෙළිවන ආකාරයට අනුව බදියුර්දීන්ගේ නිවසේ සේවයකර ඇති මෙහෙකාරියන් ගණන 11 කි. ඒ අයගෙන් එක් අයෙක් ගිනි ගැනීමෙන් මරණයට පත්ව ඇත. තවත් මෙහෙකකාරියක් දූෂණය වී තිබේ. තවත් දෙදෙනෙකු ගොදුරුකර ගන්නට බදියුදීන්ගේ බිරිදගේ සහෝදරයා උත්සහ දරා ඇති බවද හෙළිවී තිබේ.

    ගිනි ගැනීමට ලක්වූ මෙහෙකාරිය එම නිවසේ රැදී සිට ඇත්තේ මුළුතැන් ගෙට යාබදව නිවසින් පිටත පිහිටි කාමරයකය. එහි ඇතුලත විදුලි බුබුල නැත. රාත්‍රියට ආලෝකය ලැබෙන්නේ පිටත ඇති විදුලි බල්බයෙනි. කාමරයේ විදුලි පංකාවකි. එම විදුලි පංකාවේ විදුලි සම්බන්දය තිබී ඇත්තේ ඉවත්කරය. රාත්‍රී 10.30 ට නිවසේ දොරගුළු වසා දමන අතර විවෘත කෙරෙන්නේ අලුයම 5.30 ට පමණය. මුළුතැන්ගෙයි දොර වැසූ පසු ඇයට සිදුවන්නේ කාමරයට වී සිටින්නටය.. ඇයට පරිහරණය කිරීමට වැසිකිලියක් සහ නාන කාමරයක් ඇතත් ඇය සිටින්නේ නිවසින් පිටතය. හැබැයි මේ කාමරය නිවස වටා ඇති ආරක්ෂක කැමරා පද්ධතියෙන් ආවරණය වන බව බොරැල්ල පොලීසිය විසින් කළ මූලික විමර්ශනයේදීම පෙනී ගොස් ඇත. ඒ අනුව එම කැමරා පද්ධතියේ දර්ශන පටිගතවන පද්ධතිය බොරැල්ල පොලීසිය සිය භාරයට ගෙන තිබේ. මාසයක් දෙකක් පුරාවට සියළු සිදුවීම් එහි පටිගතවී ඇති බව සදහන්ය. ඇය පෙර දින රාත්‍රියේ කාමරයට පිවිසෙන අයුරුත් පසුදින අලුයම ඇය ගිනි ගෙන දකාමරයෙන් පිටතට දිව එන අයුරුත් පැහැදිලිවම එහි සටහන්ව ඇති බව දර්ශන විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. වැඩි දුර විමර්ශන සදහා ඒ සියල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට බොරැල්ල පොලීසිය මේ වන විටත් තීරණය කර හමාරය.

    එසේම ඇය රැදී සිටි කාමරයේ තිබුණු භූමිතෙල් බෝතලයක් මෙන්ම ටයිටරයක්ද ඇගිලි සටහන් කාර්යාංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇත. එහි තිබී පිටස්තරයෙකුගේ ඇගිලි සටහනක් එමුවී ඇතැයි වාර්තා වන්නේ නැත. භූමිතෙල් බෝතලය මාස ගණනාවකට පෙර නිවසට රැගෙන පැමිණි එකක් බව පැවසෙන බැවින් එහි ඇත්ත නැත්ත විමසා බැලලීමට එම භූමිතෙල් බෝතලය රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද තීරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img