Home දේශීය පුවත් පොසොන් පො දා නාගදීප රජමහවිහාරයට රන් වැටක්

පොසොන් පො දා නාගදීප රජමහවිහාරයට රන් වැටක්

පොසොන් පො දා නාගදීප රජමහවිහාරයට රන් වැටක්

නාගදීප පුරාණ රජමහ විහාරයේ සුදු බෝධිය වටා රන් වැටක් සාදා පුජා කිරීම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය පුමුඛ හමුදා සාමාජිකයන් හා පරිත්‍යාගශීලින්ගේ සහභාගිත්වයෙන් (ජුනි 05) පැවැත්විණි.
නාගදීප පුරාණ රජමහා විහාරාධිපති නවදගල පදුමකීර්ති තිස්ස ස්වාමින්වහන්සේගේ මුලාසුනාරූඩ අනුශාසනයෙන් මෙම කටයුත්ත ඇරඹිණි.

511 බලසේනාධිපති කර්නල් රෝහිත රත්නායක , හැටන් නැෂනල් බැංකුවේ නීති අධ්‍යක්ෂිකා තුෂාරි රණවීර මහත්මිය ඇතුළු දායක පිරිසගේ මුල්‍යමය දායකත්වයෙන් මෙම පුණ්‍ය කටයුත්ත සිදුවුහ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය , උතුරු නාවික විධාන ආඥාපති, 51 සේනාංකාධිපති, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු හමුදා සාමාජිකයෝ රැසක් සහභාගි වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here