තවත්
    මුල් පිටුවCOVIDඅසාද් සාලි ළඟින් හිටපු රහස් පොලිස් නිලධාරියෙකුට කොවිඩ්

    අසාද් සාලි ළඟින් හිටපු රහස් පොලිස් නිලධාරියෙකුට කොවිඩ්

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ආණ්ඩුකාරවරයෙක් වන අසාද් සාලි මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    එම නිලධාරියා රත්නපුරයේ පදිංචිකරුවෙක් බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද කොවිඩ් ආසාදනය වී ඇති බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටියදී ඇතිවුණු රෝගී තත්වයක් මත ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර සිටියි. ඔහුගේ ආරක්ෂාවට දෛනිකව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යොදවා සිටින බවත් කොවිඩ් ආසාදනය වී ඇත්තේ ඒ එක් නිලධාරියෙකුටය.

    මේ තත්වය මත අසාද් සාලි මහතා සහ සෙසු පොලිස් නිලධාරියා පී.සී.ආර්. පරීක්ෂාවකට අද යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img