තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිෂාඩ්ගේ නිවසේ කලින් වැඩකළ මෙහෙකාරියන්ගෙනුුත් තතු එළියට

    රිෂාඩ්ගේ නිවසේ කලින් වැඩකළ මෙහෙකාරියන්ගෙනුුත් තතු එළියට

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙතෙක් කලක් මෙහෙකාරියන් 11 දෙනෙක් සේවයේ නිරතව සිට ඇති බැවින් ඔවුන්ගෙන් ‍කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසියට කටයුතු කර තිබේ.

    ඒ එක් මෙහෙකාරියකට රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරා විසින් අවස්ථා දෙකකදී ලිංගික අතවර කර දූෂණය කර ඇතැයිද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    ඒ අනුව එම සොහොයුරාවද ඊයේ පොලීසිය අත්අඩංගුවට ගත්තේය. මේ වන විට ඔහුද පැය 72 ක කාලයක් රදවාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

    තවත් මෙහෙකාරියන් දෙදෙනෙකුට එම සැකකරු විසින් ලිංගික අතවර කිරීමට සූදානම් වී ඇති බවටද තොරතුරු විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    එම මෙහෙකාරියන් හදුනාගෙන පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇති අතර තවත් මෙහෙකාරියන් කිහිප දෙනෙක් හදුනාගෙන ඒ අයගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි පොලීසිය කියයි.

    16 හැවිරිදි දැරියක රිෂාඩ්ගේ නිවසේ දී පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට අඅදාළව මන්ත්‍රීවරයාගේ බිරිද, මාමා හා තැරැව්කරු තැනැත්තතන් වෙළෙඳාම සහ කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔවුන් තිදෙනා සහ මන්ත්‍රීවරයාගේ මස්සිනා යයන සිව්දෙනාම අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්් අනතුරුව පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමිට අවසර දී ඇත.

    බොරැල්ල පොලීසිය, කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් විමර්ශන පවත්වන අතර සැකකරුවන් ලබන සදුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img