තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවට ගත් රිෂාඩ්ගේ පවුලේ අය පැය 72ක් රඳවා ගැනීමට නියෝග

    අත්අඩංගුවට ගත් රිෂාඩ්ගේ පවුලේ අය පැය 72ක් රඳවා ගැනීමට නියෝග

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුඩීන්ගේ බිරිඳ, මාමණ්ඩිය, මස්සිනා සහ තැරැව්කරු පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

    මොවුන් ලබන සඳුදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

    රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී 16 හැවිරිදි දැරියක පිළිස්සී මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ, මාමා සහ තැරැව්කරු , මස්සිනා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.

    රිෂාද්ගේ බිරිඳ, මාමා සහ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබුණේ කෘරත්වය සහ තැනැත්තන් වෙළදාම සම්බන්ධයෙනි.

    බිරිඳගේ සොයුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම නි‍වසේ මීට පෙර සිටි මෙහෙකාරියක දූෂණය කිරීමේ චෝදනාවට ය.

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන පරිදි පැය 72 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබෙන බැවින් ඒ අනුව ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත ය.

    බොරැල්ල පොලිසිය, ළමා හා කාන්තා කාර්යංශය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img