Home දේශීය පුවත් මුව ආවරණ නෑ කියා මන්දමානසික දරුවකුට පහර දුන් පොලීසියේ 3කගේ වැඩ තහනම්

මුව ආවරණ නෑ කියා මන්දමානසික දරුවකුට පහර දුන් පොලීසියේ 3කගේ වැඩ තහනම්

මුව ආවරණ නෑ කියා මන්දමානසික දරුවකුට පහර දුන් පොලීසියේ 3කගේ වැඩ තහනම්

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ මුව ආවරණයක් නොමැතිව පොලිස් අණනොතකා පා පැදියකින් ගමන් කළ 16 හැවිරිදි මන්දමානසික දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධයෙන් අලුත්ගම අඹගහ හන්දියේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ අද (5) වැඩ තහනම් කර තිබේ.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට විශේෂ රාජකාරි සඳහා අල්ගම පොලිසියට අනුයුක්ත කර සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ ය.

මෙම ළමයාට ළමයාට පහර දීම සිදුවන්නේ ඉකුත් 25 වැනිදාය.

එම පහරදීම ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණු අතර එය සමාජ මාධ්‍ය ජාලවල ද හුවමාරු විය.

පොලිසිය මුලදී මෙය මෙම පහරදීම සාධාරණීකරණය කිරීමට උත්සාහ ගත්තද සමාජ මාධ්‍ය ජාලවල මෙම වීඩියෝව හුවමාරුවීමට පටන් ගැනීමත් සමඟ පොලිස්පතිවරයා විසින් අද ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන ලෙස පොලිස් ළමා ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබුණි.

මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කරනු ලැබුවේ අද රාත්‍රී කාලයේදීය.

එම වැඩ තහනමට පෙර පොලිස් මාධ්‍ය ඒකකය විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

එහි සඳහන් වූයේ පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුව ඇතැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

එම මාධ්‍ය නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here