Home COVID ආසාත්මිකතා ඇති අයත් කොවිඩ් එන්නත ගත යුතුයි

ආසාත්මිකතා ඇති අයත් කොවිඩ් එන්නත ගත යුතුයි

ආසාත්මිකතා ඇති අයත් කොවිඩ් එන්නත ගත යුතුයි

අංජනා මල්ලවාරච්චි

බෝ නොවන රෝගවලට ලක්ව සිටින සහ ආසාත්මිකතා ඇති රෝගීන්ට ද කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමෙන් කිසිදු හානියක් සිදු නොවන බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා කොළඹ දී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වුවහොත් මියයාමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බව ද එම නිසා එවැනි පුද්ගලයින් අනිවාර්යෙන්ම එන්නත් ලබා ගත යුතු බව ද ඉන්දික එල්ලාවල මහතා කීය.

සාමාන්‍ය අසාත්මිකතාවක් තිබෙන පුද්ගලයින් ඒ බව පවසා එන්නත්කරන මධ්‍යස්ථානවලදී එන්නත් ලබාගත යුතු අතර දරුණු ආසාත්මිකතා තිබෙන පුද්ගලයෙක් අනිවාර්යෙන්ම රෝහලකට ගොස් රෝහලේදී කොවිඩ් මර්දන එන්නත ලබාගත යුතු බවට ද වෛද්‍යවරයා කීය.

මේ අතර වයස්ගත පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් කිසිදු හානියක් සිදු නොවන අතර වයස පිළිබඳ නොසලකා ඔවුන් අනිවාර්යයෙන්ම ගොස් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත යුතු බවද බව ද ඉන්දික එල්ලාවල මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here