
කොරෝනා වයිරසයේ මුල් වයිරසය ආසාදනය වූ අයට වඩා, ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ වයිරස සාන්ද්‍රණය 1000 ගුණයකින් වැඩි බවට නවතම අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.
එමෙන්ම පෙර ආසාදිතයන්ට වඩා ඩෙල්ටා ආසාදිතයන් වැඩි වෛරස් අංශු නිපදවන අතර එමඟින් වයිසරය ආසාදනය පැතිරීම ඉතා පහසු වන බව එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත.
චීනයේ ගුවැංඩොං හි රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ කණ්ඩායමක් මෙම සොයාගැනීම කර ඇති අතර මෙම පර්යේෂණය තවමත් මූලිික පර්යේෂණ අවධියේ පවතින්නකි.
ඒ අනුව ශරීරයේ වෛරස් අංශුවල ඝනත්වයේ මිනුමක් වන වෛරස් සාන්ද්‍රණය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ මුල් කොරෝනා වෛරස් ආසාදනයට වඩා දළ වශයෙන් 1,000 ගුණයකින් වැඩි බව සොයාගෙන ඇත.
වර්තමාන ඇස්තමේන්තු වලට අනුව, ඩෙල්ටා ප්‍රභේදය COVID-19 වලට හේතු වන වෛරසය වන SARS-CoV-2 හි මුල් වික්‍රියාව මෙන් දෙගුණයක් සම්ප්‍රේෂණය කළ හැකිය.
2020 අග භාගයේදී ඉන්දියාවේදී ප්‍රථම වරට හඳුනාගත් මෙම ප්‍රභේදය දැන් ලොව පුරා වසංගතය පතුරුවන ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව ඇති අතර අවම වශයෙන් රටවල් 111 ක් දක්වා වත් ව්‍යාප්ත වී ඇත.
COVID-19 නිරාවරණයෙන් පසුව නිරෝධායනය කරන ලද පුද්ගලයින් 62 දෙනෙකු මෙම කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලද අතර, කාලයත් සමඟ එය වෙනස් වන්නේ කෙසේදැයි බැලීමට ආසාදන කාලය පුරාම සෑම දිනකම ඔවුන්ගේ වෛරස් සාන්ද්‍රණය පරීක්ෂා කරන ලදී.
පර්යේෂකයෝ 2020 දී මුල් SARS-CoV-2 රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 63 දෙනෙකු සමඟ සහභාගිවන්නන්ගේ ආසාදන රටාවන් සංසන්දනය කළහ.