Home දේශීය පුවත් හබරාදූවේ විහාරස්ථානයක හිමිවරු 14 කට කොවිඩ්

හබරාදූවේ විහාරස්ථානයක හිමිවරු 14 කට කොවිඩ්

0
හබරාදූවේ විහාරස්ථානයක හිමිවරු 14 කට කොවිඩ්

හබරාදූව ලියනගොඩ පිහිටි විහාරස්ථානයක වැඩසිටින භික්ෂූන්වහන්සේ 14 නමකට හා එහි සිටි ගිහියන් 3 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ විහාරාධිපති හිමියන් සහ තවත් හිමිනමකට සිදුකරන ලද අහඹු පී.සී.ආර්. පරීක්ෂාවකදී එම හිමිවරුන්ට කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බවය.

ඒ අනුව ඉකුත් 20 වනදා විහාරස්ථානයේ අනෙකුත් භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 3 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත් එහි වාර්තාවන්ට අනුව ගිහියන් තිදෙනාට සහ භික්ෂූන් වහන්සේ 14 නමකට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here