Home උණුසුම් පුවත් ඔලිම්පික් ඇරඹේ

ඔලිම්පික් ඇරඹේ

ඔලිම්පික් ඇරඹේ

ලොව පුරා ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටින ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළල ජපානයේ ටෝකියෝ අගනුවරදී අද (23) ආරම්භ වේ.

ගෝලීය කොවිඩ් අර්බුදය නිසා වසරකින් කල්ගිය ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙල අද මෙලෙස සමමාරම්භය සනිටුහන් කරනු ඇත.

ක්‍රීඩා උළලට සහභාගීවීම සඳහා ජපානයට පැමිණ සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඇතුළු විදේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් ජෛව බුබුළු, දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිටිති.

එහෙත් ඊට සහභාගි වන ඇතැම් පුද්ගලයන්ට මේ වනවිට කොවිඩ් ආසාදනය වී තිබේ.

ජූලි පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ පමණක් ඔලිම්පික් ක්‍රීඩා උළල ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 87කි.

මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් ගිනියා රාජ්‍යය, මෙවර ඔලිම්පික් උළලට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here