
විවාහ මංගල උත්සව නියාමනය අද (23) සිට දැඩි කිරීමට පියවර ගැනේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඒ අනුව අද සිට දැඩි ලෙස මංගල උත්සව අධීක්ෂණය කරනු ඇත.
එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදුන් නිර්දේශ දිගින් දිගටම අවභාවිත වීම මීට හේතුව බවය.
මේ අතර යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවයි
කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව සඳහා ලබාදී ඇති සීමාව ඉක්මවා යමින් විවාහ මංගල උත්සව පවත්වන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
මෙවැනි පසුබිමක් මත ඉදිරියේ කොවිඩ් පොකුරු බිහි වීමේ හැකියාවක් ඇති බව ද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය .