Home COVID ඇස්ට්‍රාසෙනෙකා ගත් ලක්ෂ 5කට තවමත් දෙවන මාත්‍රාව නෑ

ඇස්ට්‍රාසෙනෙකා ගත් ලක්ෂ 5කට තවමත් දෙවන මාත්‍රාව නෑ

ඇස්ට්‍රාසෙනෙකා ගත් ලක්ෂ 5කට තවමත් දෙවන මාත්‍රාව නෑ

අංජනා මල්ලවාරච්චි

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවකට මේ වන තෙක් එහි දෙවන මාත්‍රාව ලැබී නැතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය දත්ත වාර්තා සඳහන් කරයි.

කොවිෂීල්ඩ් එන්නතේ පළමුව මාත්‍රාව 925241ක් තබාගෙන තිබූ අතර ඉන් දෙවන මාත්‍රාව ලැබී ඇත්තේ 385885 දෙනෙකුට පමණක් බව එම දත්ත වාර්තා වල සඳහන්වේ.

ඒ අනුව දෙවන මාත්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන සංඛ්‍යාව 539357ක් වෙන බව ද කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ඇතැම් පිරිස් මේ වන විට මාස හතරකට අධික කාලයක් ගත වී ඇතත් තවමත් ඔවුන්ට එහි දෙවන මාත්‍රාව නොලැබීම ගැටලුවක් බව ද ඇතැම් සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය ඉකුත්දා නිවේදනය කළේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 14.5ක් ලබාදෙන බවය.

එම එන්නත් තොගය තව සති දෙකකින් පමණ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවද ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here