Home උණුසුම් පුවත් ඉදිරි දින දෙකේදී ප්‍රදේශ කිහිපයකට මිලිමීටර්‌ 100ට අධික වැසි

ඉදිරි දින දෙකේදී ප්‍රදේශ කිහිපයකට මිලිමීටර්‌ 100ට අධික වැසි

ඉදිරි දින දෙකේදී ප්‍රදේශ කිහිපයකට මිලිමීටර්‌ 100ට අධික වැසි

ශ්‍රී ලංකාව පුරා නිරිත දිග මෝසම් තත්වයන් හේතුවෙන්, ඉදිරි දින දෙකේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100කට අධික වර්ෂාවක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සබරගමුව පළාතේ සමහර ස්ථානවල සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 100 ට වඩා අධික වැසි අපේක්ෂා කළ හැකිය.

බස්නාහිර පළාතේ සමහර ස්ථානවල මිලිමීටර 75 ට වඩා තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිය.

එමෙන්ම හෙට (23) වන දින ප.ව. 02.30
දක්වා කාල සීමාව තුල දී ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල්‌ දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්‌ විට පැ.කි.මී. (60-70) දක්වා ඉහළ යා හැකි බවට ද කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්‌ විට පැ.කි.මී. (50-60) පමණ දක්වා වැඩි විය හැක.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල්‌ දක්වා හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විට ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here