Home උණුසුම් පුවත් ආර්ථිකය ගොඩනංවන විශ්වසනීය සැලැස්මක් ඉක්මනින් ඕනෑ – මුදල් ඇමති

ආර්ථිකය ගොඩනංවන විශ්වසනීය සැලැස්මක් ඉක්මනින් ඕනෑ – මුදල් ඇමති

ආර්ථිකය ගොඩනංවන විශ්වසනීය සැලැස්මක් ඉක්මනින් ඕනෑ – මුදල් ඇමති

ආයෝජකයන්, ණය ශේණිගත කිරිම් සිදු කරන ආයතන මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව තුල ආර්ථිකය නගා සිටුවිමේ වැඩපිළිවෙල පිළිබඳ විශ්වාසය ගොඩනැගෙන පරිදි විධිමත් සැලැස්මක් සැකසිය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එය කඩිනමින් සිදු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත මුදල් අමාත්‍යවරයා අද උපදෙස් දෙන ලදි.

වත්මන් ණය ශ්‍රේණිගත කිරීම් හා ආශ්‍රිත කාරණා පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ දී පැවැත්වුණු අවස්ථාවේදී හෙතෙම මේ බව කීය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වැවිලි කටයුතු අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ, සාංචාරක කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල , මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන අමාත්‍යවරුන් ද මාහාචාර්‍ය රංජිත් බංඩාර, ප්‍රමිත බංඩාර තෙන්නකෝන්, ගුණපාල රත්නසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මහ බැංකු අධිපති හා නියෝජිතයින් ද, මුදල් අමාත්‍යංශයේ නියොජිතයින් ද සහභාගීවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here