තවත්
    මුල් පිටුවදේශීය පුවත්මොඩර්නා එන්නත ගැන වැරදි මත පතුරුවන්නන් සොයා පරීක්ෂණ

    මොඩර්නා එන්නත ගැන වැරදි මත පතුරුවන්නන් සොයා පරීක්ෂණ

    විධිමත් ලෙස කොවිඩ් එන්නත්කරණය රටපුරා සිදුවෙමින් පවතින අවස්ථාවකදී මොඩානා එන්නත පිළිබද වැරදි මත සමාජ ජාල ඔස්සේ පතුරුවමින් එන්නත්කරණය ගැන ජනතාවගේ විශ්වාසය බිද වැට්ටවීමක් සිදුවන බවට මහනුවර රෝහලේ නීති වෛද්‍ය නිලධාරියා විසින් මහනුවර පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    මොඩානා එන්නත මේ දිනවල ලබාදෙන්නේ මහනුවර ජනතාවට බැවින් එම පැමිණිල්ල සිදුකර තිබෙන බව අජිත් රෝහණ මහතා පැවැසීය.

    එම පැමිණිල්ලට අනුව මහනුවර පොලීසියත් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයත් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඒ සදහා ලබාගන්නා බවත් අජිත් රෝහණ මහතා කීය.

    මොඩානා අහිතකර බවත් නැනෝ තාක්ෂණය එක්කර තිබෙන බවටත් වැරදි තොරතුරු එම සමාජ මාධ්‍ය ජාල මගින් පතුරවන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img