Home උණුසුම් පුවත් රට ඉඳන් ඔන්ලයින් ගෙන්වන භාණ්ඩවලටත් බද්දක්!

රට ඉඳන් ඔන්ලයින් ගෙන්වන භාණ්ඩවලටත් බද්දක්!

රට ඉඳන් ඔන්ලයින් ගෙන්වන භාණ්ඩවලටත් බද්දක්!

අන්තර්ජාලය ඔස්සේ විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා බද්දක් පැනවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වෙනත් රටවල ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදයන් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවයි.

වර්තමානයේ ඔන්ලයින් විකුණුම් වේදිකා විශාල පරිමාණයකින් වර්ධනය වී ඇති බවත්, එබැවින් එවැනි වෙළඳ වේදිකා කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවත් පෙන්වා දුනි.

එකම භාණ්ඩය දේශීය වෙළෙඳපොල තුළ බදු අය කරන විට ඔන්ලයින් ආනයන කරන විට සඳහා බදු අය නොකෙරෙන බවට මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here