චීනයේ බීජිංහි වයස අවුරුදු 12 ත් 17 ත් අතර බාල වයස්කරුවන් සඳහා COVID-19 එන්නත ලබාදීම අද ආරම්භ කළ බව එහි නාගරික රජය නිවේදනය කරයි.
බීජිංහි වයස අවුරුදු 18ට වැඩි 90.6%ක් COVID-19 ට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී අවසන් කර තිබේ.
ඒ අනුව බීජිං හි වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් මිලියන 17.6 කට වැඩි ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත.
නගරයේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 90 ඉක්මවා එන්නත ලබාදී ඇති බැවින් දරුවන්ට ලබාදීම ආරම්භ කළ බව චීන රජය පවසයි.
චීනයේ COVID-19 එන්නත් මාත්‍රාව මිලියන 36.1 කට අධික ප්‍රමාණයක් ලබා දී ඇත.
එහි වැඩිහිටි ජනගහනයෙන් සියයට 95.6 කට වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් එක් එන්නතක්වත් ලබාගෙන ඇති බව එරට රජය පවසයි.