තවත්
    මුල් පිටුවදේශීය පුවත්දුම්රිය මැදිරිවල පරිපථ ගැලවූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    දුම්රිය මැදිරිවල පරිපථ ගැලවූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    දෙමටගොඩ දුම්රිය අංගනයේ නතරකර ඇති දුම්රිය මැදිරිවල වයර් සහ තඹ කම්බි සොරා ගැනීමකට සම්බන්ද පුද්ගලයෙක් දෙමටගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
    දුම්රිය මැදිරි එකිනෙකට සම්බන්ධකරන විද්‍යුත් පරිපථවල වයර් සහ තඹ කම්බි මෙම පුද්ගලයා විසින් සොරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    මෙම සොරකම සම්බන්ධයෙන් දුම්රිය ධාවන කළමනාකරුවෙක් විසින් කළ පැමිණිල්ලකට අනුව දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 62 හැවරදි එම සැකකරු දෙමටගොඩ බේස්ලයින් පාරේ පදිංචිකරුවෙක් බවත් මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටින්නෙක් බවත් පොලීසිය සදහන් කරයි.

    මෙම පුද්ගලයා දුම්රිය මැදිරිවලින් ගලවාගත් තඹ සහ වයර් කොටස් අලෙවිකර ඇති බවත් ඒ තැන්වලින් එම වයර් කොටස් සොයාගත් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img