තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදයි

    ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදයි

    පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් සමරන, ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය අදයි.

    මෙවර ද හජ් වන්දනා සැමරුම් කොවිඩ් -19 මාර්ගෝපදේශවලට යටත්ව සිදුකරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

    සීමිත පිරිසගේ සහභාගිත්වයෙන් යාච්ඤා මෙහෙයන් පවත්වන ලෙස උපදෙස් ලබා දී ඇති බව එහි ප්‍රධාන මවුලවි මොහොමඩ් තස්ලින් සඳහන් කරයි.

    ඉස්ලාමීය බැතිමතුන්ට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඤාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කර සිටින බව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    සියලුදෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුභ සිද්ධිය පිණිස කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සීමාවන් කෙරෙහි විශේෂ අවදානය යොමුකර ඉස්ලාම් සමය වතාවත්වල නිරත වන ලෙස ජනාධිපතිවරයා කියාසිටී.

    ඉස්ලාමීය මඟපෙන්වීම් ද නිසි අයුරින් අනුගමනය කරමින් ලෝකවාසී ජනතාවම කෙටි කලක් ඇතුළත කොවිඩ් වසංගතයෙන් මුදා දෙන්නැයි අද වැනි උතුම් දිනෙක අල්ලාහ් දෙවියන්ගෙන් අයැදිය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

    සාමය, සහෝදරත්වය සමානාත්මතාවය අගය කරන හජ් දින සුබ ප්‍රාර්ථනාවන්ට කොවිඩ් වසංගත තත්ත්වය බාධාවක් නොවන බව ද අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

    මේ අතර හජ් උත්සව සමයේ සිදුකෙරෙන සතුන් ඝාතනය සඳහා කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක මෙවර අවසර ලබා දී නැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img