තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්වාසභංගෙට ඡන්දෙ දෙන්න පාර්ලිමේන්තුවට ආවෙ නැති මන්ත්‍රීලා මෙන්න

    විශ්වාසභංගෙට ඡන්දෙ දෙන්න පාර්ලිමේන්තුවට ආවෙ නැති මන්ත්‍රීලා මෙන්න

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව සමගි ජනබලවේගය ගෙන ආ විශ්වාසභංගයේ අද පස්වරුවේ පැවැති ඡන්ද විමසීමේ අවස්ථාවේදී, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනකු අද පාර්ලිමේන්තුවේ නොසිටි බව වාර්තා වේ.

    ඔවුන් කිසිවකු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

    ඒ අනුුව පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනකු මෙලෙස සහභාගි නොවීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චමල් රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ සහ උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන් පැමිණ නොසිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ එම මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපයක තිස්සේ අසනීපව සිටින බැවින් අද දින පාර්ලිමේන්තුවට නොපැමිණි බවය.

    නැගෙනහිර පළාතේ මුස්ලිම් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද අද විශ්වාසභංගයට සහභාගි වී නැති අතර ඔවුන් මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩු පක්ෂයට හිතවාදීව ඡන්දය ප්‍රකාශ කළ අයයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිමින් හදිසියේ අසනීප වීම නිසා පසුගියදා රෝහල්ගත කරන ලද රිෂාඩ් බදියුදීන්, රටින් බැහැරව සිටින හරින් ප්‍රනාන්දු සහ රෝහල්ගතව සිටින වේලු කුමාර් ද අද මෙම ඡන්දයට සහභාගි නොවීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img