තවත්
    මුල් පිටුවදේශීය පුවත්මුස්ලිම් විවාහයන් සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවකට කැබිනට් අනුමැතිය

    මුස්ලිම් විවාහයන් සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවකට කැබිනට් අනුමැතිය

    ශ්‍රී ලංකාවේ පුරවැසින් ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේ ම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ලබා දීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය ඊයේ හිමි වී තිබේ.

    අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇත.

    අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශය මෙසේය.

    – කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රීපුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවරම වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව මඟින් විධිවිධාන පනවනු ලැබ ඇත. එහෙත්, මුස්ලිම් ජාතිකයින්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ කාන්තාවන් වෙනස්කමකට භාජනය කරනු ලබන යම් නිශ්චිත විධිවිධාන ඇතුළත් වී ඇති බැවින්, එවැනි විධිධාන නීතියෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව විවිධ කාන්තා සංවිධාන, මුස්ලිම් ප්‍රජාවට අයත් සහ මුස්ලිම් නීතිය පිළිබඳ විද්වතුන් විසින් පෙන්වා දී තිබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ඔවුන් වෙත ලබා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. ඒ අනුව, ඉස්ලාම් ආගම අදහන තැනැත්තන් විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්‍ට එකී ආඥාපනත යටතේ පාලනය වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතුළත් වෛවාහික නඩු කටයුතු සම්බන්ධ කාර්යය පටිපාටිය සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img