Home දේශීය පුවත් මධ්‍යස්ථාන 187 කදී අදත් කොවිඩ් එන්නත් ලබාදෙ යි

මධ්‍යස්ථාන 187 කදී අදත් කොවිඩ් එන්නත් ලබාදෙ යි

0
මධ්‍යස්ථාන 187 කදී අදත් කොවිඩ් එන්නත් ලබාදෙ යි

දිවයින පුරා දිස්ත්‍රික් 16 ක පිහිටි මධ්‍යස්ථාන 187 කදී කොවිඩ් එන්නත්කරණය අද දිනයේත් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අතරට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථාන ද ඇතුළත්ය.

අද දිනයේ වැඩිම එන්නත්කරණ මධ්‍යස්ථාන ගණනක් ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේය. එම ගණන 48 කි. ගම්පහ, පුත්තලම, සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ මධ්‍යස්ථාන 21 බැගින්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ මධ්‍යස්ථාන 17 ක්ද , කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ මධ්‍යස්ථාන 10 ක්ද, මාතලේ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ මධ්‍යස්ථාන 08 ක්ද, කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ මධ්‍යස්ථාන 05 ක්ද, නුවරඑළිය, මන්නාරම යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ මධ්‍යස්ථාන 04 බැගින්ද, මඩකලපුව සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ මධ්‍යස්ථාන 03 බැගින්ද, බදුල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ඒන්නත්කරණ මධ්‍යස්ථාන 01 බැගින්ද අද පිහිටා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here