
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසුව දිගින් දිගටම වාර්තා වන කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි මුහුදු ජීවීන් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර සහය ලබාගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් කටයුතු මේ වන විටත් ආරම්භකර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
එම නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබාගැනීම පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්විණි. මෙම කරුණු හෙළිවන්නේ එහිදීය.