
කොවිඩ් මරණ 48ක් ඊයේ මෙරට තුළ සිදුවූ බවට වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3872ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
වයස අවුරුදු 30ට අඩු අයෙක්, අවුරුදු 30 -59ත් අතර පුද්ගලයන් 10ක් හා අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයන් 37ක් මියගිය අය අතර වේ.
ඒ අනුව ඊයේ සිදුව ඇති මරණවලින් 20ක් කාන්තාවන්ගේ වන අතර 28ක් පිරිමි පුද්ගලයින් ය.
අද දිනය තුළ ආසාදිතයන් 1464ක් හදුනාගැනීමත් සමග මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 286265 කි.