
විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට නව සභාපතිවරු දෙදෙනෙක් පත්කර තිබේ.
ඒ අනුව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වන එම්.සී.සී. ප්‍රනාන්දු මහතාද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස විදුලිබල මණ්ඩලයේ මෙතෙක් සේවයේ නිරතව සිටි සභාපතිවරයා වූ විජිත හේරත් මහතාවද පත්කර ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන ජගත් වැල්ලවත්ත මහතාට රාජ්‍ය ආයතනයක වෙනත් තනතුරක් හෝ තානාපතිධූරයක් ලබාදීමට නියමිතව ඇති බව සදහන්ය.