Home උණුසුම් පුවත් කොතලාවල ගැන ජනපතිගේ ප්‍රකාශය පිළිගත නොහැකියි – සරසවි ආචාර්යවරු

කොතලාවල ගැන ජනපතිගේ ප්‍රකාශය පිළිගත නොහැකියි – සරසවි ආචාර්යවරු

කොතලාවල ගැන ජනපතිගේ ප්‍රකාශය පිළිගත නොහැකියි – සරසවි ආචාර්යවරු

අංජනා මල්ලවාරච්චි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පනතක් ලෙස හඳුන්වමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිගත නොහැකියැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොතලාවල පනතට විරුද්ධ වන්නේ නොදැනුවත්කම නිසා යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හිතාමතාම රටේ පොදු ජනතාව නොමග යැවීමකැයි ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය කේ. බන්නැහැක සහ ලේකම් ආචාර්ය රොහාන් ලක්සිරි යන මහත්වරුන්ගේ අත්සන්වලින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන නියාමන රාමුවට අත්තනෝමතික ලෙස මැදිහත් වීමෙන් වළකින ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here