තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ගාලු පාරේ යන අයට පණිවුඩයක්

    හෙට ගාලු පාරේ යන අයට පණිවුඩයක්

    කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට(19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය නිවේදනය කර තිබේ.

    ඒ අනුව එම මාර්ගයෙහි එක් රථවාහන තීරුවක සිදුවන තාවකාලික මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

    කොල්ලුපිටිය පොලිස්‌ වසමේ පිහිටි උත්තරානන්ද මාවතෙහි, මාර්ගයේ එක්‌ රථවාහන ධාවන තීරුවක දැනට ආරම්භ කර ඇති තාවකාලික මාර්ග සංවර්ධන වැඩබිමක්‌ හේතුවෙන්‌ එම මාර්ගයේ ඇති විය හැකි රථ වාහන තදබදය අවම කිරීම සදහා පහත සඳහන්‌ රථවාහන සැලැස්ම 2021 ජුලි මස 19 වන දින උදෑසන 06.00 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්‌ කර ඇත.

    ඒ අනුව රොටුන්ඩා මංසන්දියෙන්‌ ආරම්භ වන උත්තරානන්ද මාවතේ වාහන ධාවනය කළ හැක්කේ අබ්දුල්‌ මාකන්‌ මාකර්‌ මාවත දෙසට පමණි. (පෙර පැවති අලියා නාන වටරවුම මංසන්දිය දෙසට) කිසිදු හේතුවක්‌ නිසා අබ්දුල්‌ මාකන්‌ මාකර්‌ මාවතෙන්‌ රථවාහන උත්තරානන්ද මාවතට ඇතුළු කිරීමට අවසර දෙනු නොලැබේ.

    සර්‌ ජේම්ස්‌ පීරිස්‌ මාවත මාර්ගයෙන්‌ පෙරහර මාවතට ඇතුළු වන වාහන රොටුන්ඩා වටරවුම දෙසට ගමන්‌ කළ නොහැකි අතර උත්තරානන්ද මාවතෙන්‌ දකුණට ගමන්‌ කොට අබ්දුල්‌ මාකන්‌ මාකර්‌ මාවතට පිවිසිමට හැකිය.

    තවද, ගාලු පාර සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන රොටුන්ඩා මාර්ගයේ වාහන ගමන්‌ කළ හැක්කේ ගාලු පාරේ සිට රොටුන්ඩා චටරවුම දක්වා එක්‌ දිසාවකට පමණි.

    උත්තරානන්ද මාවතට ඇතුළු වන රියදුරන්ට ගාලු පාර, නවම්‌ මාවත සහ පෙරහැර මාවත භාවිතා කළ හැකි අතර රොටුන්ඩා මාවතට ඇතුළු වීමට ගාලු පාර භාවිතා කළ හැකිය.

    උත්තරානන්ද මාවතේත්‌ රොටුන්ඩා මාවතෙන්‌ එක්‌ දෙසකට පමණක්‌ වාහන ගමන්‌ කළ හැකි බැවින්‌ ඒ පිළිබඳ අවධානයෙන්‌ ගමන්‌ පහසුව සලසා ගන්නා ලෙසට පොලිසිය රියදුරන්ගෙන්‌ ඉල්ලා සිටිනු ලැබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img