Home උණුසුම් පුවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ක්‍රිෂ්ණා විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ක්‍රිෂ්ණා විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ක්‍රිෂ්ණා විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි හා ලේඛක ක්‍රිෂ්ණා විජේබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටියදී ඔහු ඊයේ (17) පස්වරුවේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

ලේක්හවුස්‌ ආයතනයේ කිරිඇල්ල ප්‍රාදේශිය වාර්තාකරු ලෙස මාධ්‍ය ක්ෂෂ්ත්‍රයට පිවිසි ඒ මහතා ලංකාදීප, ලක්බිම, ඉරුදින හා සතිඅග අරුණ පුවත්පත්වල සේවය කර තිබේ.

කලක්‌ ලක්බිම පුවත්පතේ ප්‍රාදේශිය කර්තෘවරයා වූ හෙතෙම මාධ්‍යවේදීන්‌ රැසකගේ ගුරුවරයා බවට පත්වූ අතර නිහතමානී පුද්ගලයෙකි.

පාරිසරික විනාශයන්ට එරෙහිව අභිත ලෙස පෑන මෙහෙයවු හෙ‍ෙ.ම ගොවි ජනතා ප්‍රශ්න ගැන සංවේදීව කටයුතු කළ අයෙකි.

ක්‍රිෂ්ණා මහතා “වලස්පති” බ්ලොග්‌ අඩවියේ සංස්කාරක ද විය.

පරිසර සහ පැරණි උරුමයන්‌ පිළිබඳ අගනා කෘති රැසක්‌ ලියූ ක්‍රිෂ්ණා මැණික්‌ සම්පත පිළිබඳ ග්‍රන්ථ කිහිපයකද කර්තෘවරයා විය.

ගාල්ල, මැදකිඕය, මගමුලන ප්‍රදේශයේ පදිංචිව සිටි ක්‍රිෂ්ණා මහතා එක්දරු පියෙකු වූ අතර වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ, විශ්‍රාමලත්‌ පාඨශාලාචාරිනි පද්මලතා මහත්මියගේ ස්වාමිපුරුෂයා ද වේ.

ක්‍රිෂ්ණා මහතාගේ අවසන්‌ කටයුතු ගාල්ලේ දී සිදු කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here