Home දේශීය පුවත් පාතාල අපරාධකරුවෙක් එස්ටීඑෆ් ප්‍රහාරයකින් මරුට

පාතාල අපරාධකරුවෙක් එස්ටීඑෆ් ප්‍රහාරයකින් මරුට

0
පාතාල අපරාධකරුවෙක් එස්ටීඑෆ් ප්‍රහාරයකින්  මරුට
A hand holding a gun in silhouette against a grungy red background.

සීදූව බේස්ලයින් මාවතේදී පොලිස් කාර්ය බළකාය සමඟ ගැටුණු පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වන ලලිත් පිංතු නැමැත්තා අද අලුයම මරමුවට පත් ව ඇත.

සැකකටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය බලකායේ විසින් නතර කිරීමට අණ කළ අවස්ථාවේදී මෝටර් රථයේ සිටි පුද්ගලයෙක් ඉන් බැස පලා යමින් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා තිබෙන බවත් එහිදී විශේෂ කාාර්ය බලකාය විසින් එල්ල කළ වෙඩි පැහැර එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයා ලලිත් පින්තු බව හෙළිවන්නේ පසුවය. මංකොල්ලකෑම් මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මේ පුද්ගලයා මාකඳුරේ මධුෂ් සමඟ අපරාධ වල නිරතව සිටියෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය හඳුනාගෙන තිබේ. එම පුද්ගලයා බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණ තවමත් මාසයක කාලය ගත වී නැති බවද සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here