තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රහස් පොලීසියේ සිටි බදියුදීන් හදිසියේම ර‍ෝහල්ගත කරයි

    රහස් පොලීසියේ සිටි බදියුදීන් හදිසියේම ර‍ෝහල්ගත කරයි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    එහිදී වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට ඇත.

    අද පෙරවරුවේ අසනීම තත්ත්වයක් සම්බන්ධයෙන් ඔහු එහි නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇත.

    එම ස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img