
ජපානයේ පැවැත්වීමට නියමිත ටෝකිියෝ ඔලිම්පික් තරගාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබියදී එහි මලල ක්‍රීඩා ගම්මානයෙන් පළමු කොවිඩ් ආසාදිත සිද්ධිය වාර්තා වී තිබේ.
තරගාවලිය ආරම්භවීමට ඇත්තේ සතියකටත් අඩු කාලයකි.
දැනට නිරෝධායනයේ සිටින ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ආ විදේශිකයකුට මෙසේ් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.
කෙසේවෙතත් ඔහු මලල ක්‍රීඩකයකු නොවන බවට ද වාර්තා කර තිබේ.
මේ දක්වා ටෝකියෝ ක්‍රීඩා උළෙලට අදාළව වයිසරය ආසාදිත අය 45 ක් වාර්තා වී තිබූ නමුත් ඔලිම්පික් ගම්මානය තුළ මෙවැනි සිද්ධියක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් කියා සිටියේ මේ සතිය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් සඳහා “ ඉතා දැඩි කෝවිඩ් මර්දන ක්‍රියාමාර්ග “බලාත්මක වන අතර ඔවුන් ඒ සඳහා ක්‍රියාත්මක වන” බවයි.
ජූලි 23 වනදා ආරම්භ වන මෙම ක්‍රීඩා තරගාවලිය ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වෙන පළමු තරඟය වේ.
ටෝකියෝ අගනුවර මේ මස මුලදී සිව්වන හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තරම් කොවිඩ් තත්ත්වය උත්සන්න වූ අතර කොරෝනා වයිරස් රෝගීන්ගේ වැඩිවීමක් සමඟ තවමත් පොරබදමින් සිටී.
ඔලිම්පික් ක්‍රීඩා උළලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) පස්වරුවේ දිවයිනෙන් පිටත්විය.
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9දෙනෙක් සහභාගී වේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ පස්වරු 7ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් ටෝකියෝ බලා පිටත්ව ගියහ.
තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙක් විවිධ රටවල්වලින් ජපානයට පැමිණීමට නියමිතය.