Home දේශීය පුවත් ශ්‍රී ලංකාවට ලැබුණු කොවිඩ් එන්නත් ප්‍රමාණය කෝටිය පනී

ශ්‍රී ලංකාවට ලැබුණු කොවිඩ් එන්නත් ප්‍රමාණය කෝටිය පනී

0
ශ්‍රී ලංකාවට ලැබුණු කොවිඩ් එන්නත් ප්‍රමාණය කෝටිය පනී

වර්ග පහකින් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්ද ජයසුමන මහතා සදහන් කරයි.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 7.1 ක්, ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.2 ක්, අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5 ක්, සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 180000 ක් , ඇමරිකාවේ නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත් 54000 ක් මේ වන විට මෙරට ලැබී තිබේ.

එසේම ඉදිරි දෙසතිය තුළ තුළ තවත් එන්නත් මාත්‍රා මිලියන 5.2 ක් මෙරටට ලැබීමටද නියමිත බව රාජ්‍ය ඇමති චන්ද ජයසුමන මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here