Home දේශීය පුවත් නාවලපිටිය නගර සභාවේ බලය එජාපයෙන් පොහොට්ටුවට

නාවලපිටිය නගර සභාවේ බලය එජාපයෙන් පොහොට්ටුවට

0
නාවලපිටිය නගර සභාවේ බලය එජාපයෙන් පොහොට්ටුවට

නාවලපිටිය නගර සභාවේ මෙතෙක් පැවැති එජාපයෙන් පාලන බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද හිමි විය.

මධ්‍යම පළාත් , පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභාවට නව සභාපතිවරයෙක් තොරාපත්කර ගැනීමේ ඡන්දයත් සමග බල පෙරළිය සිදුවිය.

එම ඡන්ද විමසීමේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ අනුර පෙරේරා මහතාට පක්ෂව ඡන්ද පහක් හිමි විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අමල් ප්‍රියංකර මහතා ඉදිරිපත් වූ අතර ඔහුට පක්ෂව හිමිවූ ඡන්ද ගණන හතකි. ඔහුට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයාගේ සහාය හිමි විය.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් අද සභාවට පැමිණ සිටියේ නැත.

නාවලපිටිය නගර සභාවේ ආසන පහළොවෙන් හතක් එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති අතර සෙසු ආසන වලින් ආසන 05 ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන පක්ෂ සදහා එක් ආසනය බැගින් ද තිබේ.

ඒ අනුව එහි පාලන බලය මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණු අතර සභාපති ලෙස සසංක සම්පත් සංජීව මහතා තේරී පත්විය. එජාප සභාපතිවරයා සමගි ජනබලවේගයට එත්වීමෙන් අනතුරුව ඔහු එහි සාමාජිකත්වය ලබා ගැනීම නිසා සභාපති තනතුර ඔහුට අහිමි වීම හේතුවෙන් නව සභාපතිවරයෙක් පත්කර ගැනීමට ඡන්ද විමසීම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here