Home COVID චීනයෙන් මෙරටට තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 16ක්

චීනයෙන් මෙරටට තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 16ක්

චීනයෙන් මෙරටට තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 16ක්

චීනය විසින් ශ්‍රී ලංකාවට තවත් සීනෝෆාම් COVID-19 එන්නත මාත්‍රා මිලියන 1.6 ක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

කොළඹ චීන තානාපති කාර්යාලය පැවසුවේ ඉදිරි සති කිහිපය තුළදී මෙම තොගය භාර දෙන බවයි.

ඒ අනුව මේ මාසයේදී මෙරටට ලැබෙන විශාලතම එන්නත් පරිත්‍යාගය ද එය වනු ඇත.

ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීමට මෙම එන්නත් ලබා දෙන බව චීන තානාපති කාර්යාලය තවදුරටත් කියා සිටියේ ය.

“චීනය කරදරයට පත්වූ විට ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය අපට හැමදාමත් මතකයි” යනුවෙන් චීන තානාපති කාර්යාලය සටහනක් මූදාහැර තිබුණේ මිතූදම හුවාදක්වන සේයාරූ දෙකක් ද සමඟයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here