තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේ අලි මිනිස් ගැටුමෙන් මිනිසුන් 72ක්-අලි 185 ක් මරුට

    මේ වසරේ අලි මිනිස් ගැටුමෙන් මිනිසුන් 72ක්-අලි 185 ක් මරුට

    අලි මිනිස් ගැටුමට තවමත් නැවතීමේ තිත තැබී නැත.මේ තත්වයට මුල සතා සිව්පාවුන්ගේ නිඡබිම මිනිසුන් විසින් අත්පත්කර ගැනිමය. අලිමංකඩ ජනාවාස බවට පත්වීමය.

    සතුන්ගේ නිජබිම් මිනිසා ආක්‍රමණය කරන්නේ ආසාවට නොව, ජීවත්වන්නට කුඹුරක් කොටා ගන්නටය. නැතිනම් හේනක් වපුරා ගන්නටය.අලි මිනිස් ගැටුම හටගන්නේ ඒ හේනට හෝ කුඹුරට අලියා කඩා ගොවිතාන විනාශ කරන විටදීය. එහිදී කැළැවේ සිට ගොවිබිම් වලට එන අලින්ට වෙඩි තබා හෝ වස විස කන්නට දී හෝ මරා දමන විට අලින්ද මිනිස්සුන්ට පහරදී මරා දමන්නට ගන්නේ එකට එක කරන්නාක් මෙනි.

    ඒ ආකාරයට මෙම වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුව ඇති අලි මරණ ගණන සදහන් වන්නේ 185 ක් ලෙසිණි. එසේම අලින්ගේ පහරදීම් වලින් මිනිසුන් 72 දෙදෙනෙක්ද මිය ගොස් ඇත.

    මිනිසුන් මෙන්ම අලින්ද අපේ රටට සම්පතකි. මිනිස්සු හා අලි අතර ඇත්තේ විසදා ගැනීමට නොහැකි වෛරයක් නොව. එසේ නම් වගා ලිංවල අලි වැටෙන විට ගොඩ නොගෙන මැරෙන්නට ඉඩ හරිනු ඇතවෙගා ලිද හාරා අලියා ගොඩට ගෙන කැළැවට පලවා හරින්නේ අපේ ගෝවියන් එතරම් කුරුරු හදවත් ඇති අය ‍නොවන නිසාය. බදින තුවක්කුවකින් හෝ මන්දකට හෝ හසුවී තුවාල ලබා මැරෙන්නට වැටී සිටින සද්ධන්තයින්ගේ ජීවිතය බේ රා ගැනීමට පවා වනජීවී නිලධාරීන් සමග ඔට්ටුවන්නේද සතා සිව් පාවා කෙරෙහිද අපේ රටේ ගොවියන්ගේ හිත්වල තෙතමනයක් ඇති වන නිසාය.

    වනජීවීයේම තොරතුරු සදහන් කරන ආකාරයට අනුව 2020 වසරේ අපේ රටේ අලි මිනිස් කැටුමෙන් අහිමි වී ඇති මිනිස් ජීවිත ගණණ 113 කි. එසේම අලි ජීවිත 327 ක්ද අහිමිව ඇත. 2019 වසරේ මිනිස් ජීවිත 122 ක් අලින්ට බිලිවී ඇති අතර අලි ජීවිත 407 ක් මිනිසුන්ට බිලිවී තිබේ.

    වනජීවි දෙපාර්තමේන්තුවේ දතත්යන්ට අනුව අලි මිනිස් ගැටුමෙන් 2010 ත් 2020 ත් අතර වසර 11 ක කාලය තුළ අලි මිනිස් ගැටුමෙන් අහිමි වී ඇති මිනිස් ජීවිත ගණන 1000 කට ආසන්නය. අලි මරණ ගණන 2958 කි.

    මෙය සුළුවෙන් තැකිය හැකි සංකයාවක් නොව. ඒ අපේ රටේ 2011 වසරේ කළ සමීක්ෂණයකට අනුව දළ ඇතුන්ද සමග මෙරට සිටින අලි ගහණය 5871 ක් ලෙස සදහන් වන නිසාය. මෙම ගණන් මිමි අඩුවැඩි විය හැකි වූවත් වසර 10 ක් 11 තුල මෙපමණ මරණ ගණනක් සිදුවනවා නම් ඒවා පාලනය කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් බලධාරීන් සකස් කළ යුතුය. එසේ නොවන්නේ නම් අපේ රටේ අලි පරපුර වැඩි කාලයක් යන්නට මත්තෙන් වදවී යනු ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img