තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටෝකියෝවේ ඇරඹෙන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වෙස් මුහුණ 'මිරයිටෝවා'

    ටෝකියෝවේ ඇරඹෙන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වෙස් මුහුණ ‘මිරයිටෝවා’

    සිව් වසරකට වරක් පැවැත්වෙන ක්‍රීඩාවේ මහා මෞලි මංගල්‍යය වන ඔලිම්පික් උළෙල, මෙවර පවත්වනු ලබන්නේ ජපානයේ ටෝකියෝ අගනුවර කේන්ද්‍ර ගනිමිනි. කොරෝනා ගෝලීය වසංගත තත්වය හමුවේ වසරක් කල්ගත වූ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසරේ ජූලි මස 23 දින ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව ඇත.

    ජාති ආගම් කුල භේදයන්ගෙන් මොහොතකට ඉවත්ව, සැවොම එක ධජයක් යටතේ ජය පරාජය ලබා ගන්නේ නම් ඒ ඔලිම්පික් පමණක් බව නොරහසකි. මේ නිසා අන්තර්ජාජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙවර සහ දැක්ම වෙනුවෙන් ලොව රටවල් දක්වන්නෙ අවියෝජනීය වූ සබඳතාවකි. ඒ නිසාවෙන් ඔලිම්පික් වෙනුවෙන් පෙර සූදානම ලොව සෑම රටකම ක්‍රීඩකත්වයේ සංකේතය මගින් ද ඉදිරිපත් කරනු ඇත.

    ඔලිම්පික් ක්‍රීඩා උළෙල සමඟ බැදී පවතින සංකේතයන් අතරින් ඔලිම්පික් වෙස් මුහුණු ප්‍රධාන තැනක් ගනී. මේ වෙස් මුහුණු ඔලිම්පික් සත්කාරකත්වය ලබන රටේ අනන්‍යතාව විදහා දැක්වීමට පමණක් නොව ඔලිම්පික් සදහා පැමිණෙන පිරිස පිළිගැනීමේ හෘදයාංගම පිළිගැනීම සංකේතවත් කිරීම වෙනුවෙනුත් භාවිත කරනු ඇත.

    මේ සඳහා ජපානයේ පාසැල්හි ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ ප්‍රතිචාරයන් මේ සඳහා ලබා ගෙන ඇති අතර එහිදී ලබාදී තිබෙන ඡන්දය මගින් ජපානයේ ටෝකියෝ අගනඅවර පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලෙහි නිල ඔලිම්පික් වෙස් මුහුණ බවට මිරයිටෝවා පත්වී ඇත.

    සාම්ප්‍රදායික ජන කලාවන් අතර වෙස් මුහුණු කලාව හා බැඳී ඇදහිලි විශ්වාසයන් පවතී’ ඔලිම්පික් උළෙල සඳහා භාවිත කරන ඔලිම්පික් වෙස්මුහුණු සංකල්පයට ද මේ හා සමානවම ඇදහිලි විශ්වාසයක් පවතී. ඔලිම්පික් වෙස්මුහුණු සඳහා ජනප්‍රියව පවතින මතය වන්නේ ඔලිම්පික් උළෙලක වාසනාව ගෙනෙන ප්‍රධාන සංකේත්යක් වන්නේ ඔලිම්පික් වෙස් මුහුණයි” ඔලිම්පික් වෙස්මුහුණු ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන්නේ මේ සඳහා ඔලිම්පික් සත්කාරකත්වය දක්වන රටේ සුරතල් සත්වයන් අතර සුවිශේෂී ගුණාංගයන් වටිනාකම් සමාජයට සන්නිවේදනය කළ හැකි සුරතල් සත්ත්වයන්, ජනප්‍රිය වීර චරිත මේ සඳහා භාවිත කර ඇති ආකාරයයි ඔලිම්පික් උළෙලේ නිල නියෝජිත සංකේතයන් අතර ඔලිම්පික් වෙස් මුහුණට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙවර ජපානයේ ටෝකියේ අගනුවර ආරම්භ වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් උළෙලේ නිල ඔලිම්පික් වෙස් මුහුණ හදුන්වන්නේ මිරයිටෝවා Miraitowa යනුවෙනි.

    මෙම වෙස් මුහුණ වර්ණ ගන්වා ඇත්තේ නිල් සහ සුදු වර්ණයන් සංකලනයකින් බව පැහැදිලිය. සිනහවකින් ආමන්ත්‍රණය කරන මෙම ඔලිම්පික් වෙස් මුහුණ, සාමයේ පණිවිඩය, නිදහස්ව සිතීමේ පණිවිඩය, සහෘදත්වය, හෘදයාංගමබව මෙන්ම ආකර්ෂණීයබව ඇති කිරීම මගින් ඔලිම්පික් උළෙලට ජීවයක් ලබා දීමට මූලිකත්වය ගෙන ඇති ආකාරය පැහැදිලිය.මිරායි යනුවෙන් අදහස් කරන්නේ අනාගත යන අර්ථය බවත් ටෝවා යනුවෙන් අර්ථ ගන්වන්නේ සදාකාලික යනුවෙන් බව මේ පිළිබදව ඉදිරිපත් කර ඇති පැහැදිලි කිරීම් මගින් අනාවරණය කර ගත හැකි විය.

    මේ අනුව මෙහි සාරාංශ අර්ථය මෙලෙස දැක්වීමට කැමැත්තෙමි එනම් ලොව පුරා ඔලිම්පික් වෙනුවෙන් සහභාගීවන ජනතාවගේ හදවත් තුල සදාකාලික බලාපොරොත්තුවේ අනාගතයන් වෙනුවෙන් දිරිගැන්වෙන පණිවුඩය සංකේතාත්මක ඉදිරිපත් කිරීමට මෙය යොදා ඇති ආකාරයයි. මේ මගින් ධනාත්මක ආකල්පයන් පමණක් නොව බලාපොරොත්තු මගින් ගොඩනැගෙන උනන්දුව සෑම විටම ඒ වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය බව ඔලිම්පික උළෙල මගින් සිදුකෙරෙන තහවුරු කිරීම් වඩාත් හොදින් සමාජයට සන්නිවේදනය කිරීමට මෙම ඔලිම්පික් වෙස්මුහුණු මගින් උත්සාහ ගෙන ඇත.

    ඔලිම්පික් උළෙලක් හරහා ජය පරායන් ගරුබුහුමන් ආදර්ශයන් පමණක් නොව මිනිසුන්ගේ ජීවිත සදහා නැවුම් බලාපොරොත්තු ඇති කර ගැනීමටත් එම බලාපොරොත්තු ඉටු කර ගැනීමට නම් අප විසින් ගොඩනගා ගනු ලබන විශ්වාසය, විනය, කැපවීම, ගුණගරුකබව, නීතිගරුකබව මෙන්ම ආදර්ශමත් යනාදී වටිනා සාරධර්ම මගින් කටයුතු කිරීමේ වැදගත්කම මේ තුළන් අවබෝධ කර දීමට උත්සාහ ගෙන ඇති ආකාරය පැහැදිලිය.

    එම්.කේ.ඒ.අනෝමා රත්නායක
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශය
    සමාජීය විද්‍යා පීඨය
    කැලණිය විශ්වවිද්‍යාලය

     

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img