
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 50000 ඉක්මවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේ අද අලුයම 6.00 වන විට වාර්තා වී ඇති දත්තයන්ට අනුව නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 50027 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට බවද ඔහු සදහන් කළේය.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින්ගෙන් 43000 කට පමණ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයිද අජිත් රෝහණ මහතා පැවැසීය. සෙසු අයට එරෙහිවත් නඩු පැවරීමට පියවර ගන්නා බවද ඔහු සදහන් කළේය.