Home COVID පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය ලක්ෂ 15 ඉක්මවයි

පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය ලක්ෂ 15 ඉක්මවයි

පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය ලක්ෂ 15 ඉක්මවයි

අංජනා මල්ලවාරච්චි

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස ඊයේ පස්වරුව වන විට ලක්ෂ පහලව ඉක්මවා ගොස් තිබූ බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව යන දෙකම ලබාගත් හෙවත් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිස 1537230 වන බවද කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි.

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 385885ක් වන අතර සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 1136881කි.

ස්පුට්නික් වී එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 14460කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here