Home උණුසුම් පුවත් මන්ත්‍රීලා පාර්ලිමේන්තුවේදීම හමුවෙන්න ජනතාවට ආයෙත් ඉඩ

මන්ත්‍රීලා පාර්ලිමේන්තුවේදීම හමුවෙන්න ජනතාවට ආයෙත් ඉඩ

මන්ත්‍රීලා පාර්ලිමේන්තුවේදීම හමුවෙන්න ජනතාවට ආයෙත් ඉඩ

අත්හිටුවා තිබූ පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී ජනතාවට මන්ත්‍රීවරුන් හමුවීමේ අවස්ථාව යළි ලබාදීම පියවර ගෙන තිබේ.

ඒ සභානායක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මැදිහත්වීම මත ය.

මහජනයා හමුවීම සඳහා,මන්ත්‍රීවරුන්ට කාමර 10 ක් වෙන් කිරීමට සාකච්ඡා වී ඇත.

පළමු පියවර ලෙස කාමර 07 ක් වෙන් කිරීමට හැකියාව පවතින බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දැනුම් දී තිබේ.

ඒ සඳහා වෙන් කිරීමට නියමිත කාමර ඊයේ (12) සභානායකවරයා නිරීක්ෂණය කළේය.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රැස්වූ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේදී සභානායකවරයා විශේෂ ඉල්ලීමක් කරමින්, අවධානය යොමු කළේ, මහජනයාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට මීට පෙර පැවති අවස්ථාව යළි ලබාදිය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඒ සඳහා ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බවද සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එම රැස්වීමේදී, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, වේත්‍රධාරීවරයා වෙත එම ඉල්ලීම යොමු කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය වී මහජනයාට පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසීමේ අවස්ථාව උදා වූ පසු, මන්ත්‍රීවරුන්ගේ මහජන හමුවීම් කාමර, මහජනයාට විවෘත කරන බව, සභානායකවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here